Hithumathe lyrics
 by Irajw
		
		
මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගේ හිත හදාපු
හිතුමතේ පාවෙලා හිත හැදෙයිදෝ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිදෝ
හිතුමතේ පාවෙලා හිත හැදෙයිදෝ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිදෝ
පපුවට තුරුළු වී හිඳ හඬාපු
ළංවී තොදොල් බස් මට දොඩාපු
හිත ළග හීනෙන් නිදි වරාපු
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපු
හිතුමතේ පාවෙලා හිත හැදෙයිදෝ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිදෝ
හිතුමතේ පාවෙලා හිත හැදෙයිදෝ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිදෝ