Amma lyrics
 by Iraj
		
		
[]
සදුටත් ඉහලින් පායා හිරුටත් පෙර පිපිදිලා
සෙනෙහස මත පමණක් සිහිනය මැව්වා
මොලවා ලිප පුරවා කුස සනසා මා සනසා
හිස ඇත ගා හිත පසසා අකුරට පිට කෙරුව
ඉන්නා ඉර නිම්මා දෙවියන්මෙන් මා රකිනා
දෙවියන් නොව මනුසත්කම අම්මා...
වින්ද දුක් වින්දා සැමදා
ගිනි සෙල්ලම් මැද්දේ ඔබ තනි විලා
[ Kaizer Kaiz ]
තත්පරයක්
අවුරුද්දක්
නුඹේ  උණුසුම මට ලැබුනත්
කළුවරේ මම තනි වුවත්
නුඹේ හිනාව මට එළියක්
නුඹ ළඟ නම් හඳ මොකටද?
උණුසුම ළඟ ඉර මොකටද?
මගෙ යෙහෙළිය
මගෙ ගීතය
මගෙ ජීවය
අම්මා!
[]
මේ ජීවිතේ කෘරයි මගේ අම්මේ
ඔබ තනියෙම මේ බර කෙලෙසද කරගැහුවේ
රෑ දිවා නොබලා වෙහෙසුනත් ඔබ නෑ අත්හැරගියේ තනිකර අප කිසි දිනේ
වින්ද දුක් වින්දා සැමදා
ගිනි සෙල්ලම් මැද්දේ ඔබ තනි විලා
අම්මේ ඔබ මතු බුදු වේවා !!! (මතු බුදු වේවා)