ශ්‍රී ලංකා මාතා (Śrī Laṅkā Mātā) [Sri Lanka’s National Anthem] [Sinhala Version] lyrics
by National Anthems
[පදය 1]
ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී
සුරැඳි අති ශෝභමාන ලංකා
ධාන්‍ය ධනය නෙක
මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා
ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්ති පූජා
නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
[බ්‍රිජ්]
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
[පදය 2]
නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන
යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා
නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා